Life
කරපිංචා ගුණ බොහෝමයක් තිබේ
ජම්බීර කුලයට අයත් කරපිංචා ශාකය විශේෂයෙන් දකුණු ඉන්දියාව, ශ්‍රී ලංකාවේ
බොහෝ ප්‍රදේශයන්හි වැවෙන ශාකයකි. වියළි කලාපයේ විශේෂයි. ආයුර්වේදයේ
සුරභිනිම්බ, කාල ශාක, සුරභි ආදී සංස්කෘත නම්වලින්ද හඳුන්වන්නේ කරපිංචායි.
කරපිංචාවල පංචාංගයම එනම්, කොළ, පොතු, මුල්, මල්, ගෙඩි ආදී සියල්ලම බෙහෙතට
ගන්නා ශාකයකි. සමහරු මෙය වේලා කුඩු වශයෙන් ද යොදාගනී. බොහෝ විට එදිනෙදා
යොදාගන්නේ ස්වාභාවික රසකාරකයක් ලෙසටයි. අමුවෙන් ලබා ගැනීමේදී මෙහි පෝෂ්‍ය
ගුණය වැඩියෙන් ලබාගත හැක. කරපිංචා අග්නි වර්ධක, පිත්ත හා වාත ශාමක ඖෂධයකි.
කරපිංචාවල කෙඳි බහුල බව, යකඩ, කැල්සියම්, විටමින් C, A, ඊ හා E ආදී බොහෝ
පෝෂ්‍ය පදාර්ථ අඩංගුය.
කරපිංචා යොදාගත හැකි ප්‍රයෝග කිහිපයක්
* කරපිංචා සුදුලූනු පානය
කරපිංචා කොළ දෙමිටක් සමග සුදු ලූනු බික් 05 ක් පමණ දමා කොටා නටන වතුරෙන් තම්බා වසා තබා නිවුණාට පසු මී පැණි දමා බීම හොඳයි.
* අර්ශස් මළබද්ධ අවස්ථාවට
අරළු,
කරපිංචා නැටි, තිරැස්සවාලු, සාරණ මුල්, තිප්පිලි මුල්, දැන්න නිල, එඬරු
මුල්, බෙලි මුල් කලං 01 මදටිය 04 බැගින් ගෙන පත අට එකට සිඳුවාගත් කෂාය.
කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීම.
නොමේරූ කරපිංචා කොළ මිටයි, සුදු ලූනු බික් දෙකයි, ගොරක කැබැල්ලක්, ලුණු ටිකක් දමා අඹරාගත් ලුණුමිරිස.
* විෂ නැසීමට හා හිසකේ වර්ධනයට, සමේ රෝග වළකා ගැනීම
තනිකර කරපිංචා කොළ කැඳ සුදුසුයි. විෂ නැසීමට යොදාගන්නේ පොල් කිරි නොයෙදූ කරපිංචා කැඳයි.
* උකුණන් වඳ වීමට
කරපිංචා ඇට කොටා හිසට දැමීමෙන් උකුණන් වඳ වේ.
* කුරුලෑවලට කරපිංචා හා අමුකහ යොදා අඹරා ගානු ලැබේ.
මේ ගුණ හා ප්‍රයෝග කිහිපයක් පමණි.
කරපිංචා ශරීරයට සෑම අතින්ම ප්‍රයෝජනවත් වන ඖෂධයකි. නිවසේ නැතිවම බැරි රසකාරකයකි.
කරපිංචාවල ගුණ කිහිපයක්
* කෙඳි ගතිය බහුල නිසා මළබද්ධය වළකයි. වාතානුලෝමනය කරයි.
*
විෂ නැසීමේ ගුණය නිසා, ආහාර සැකසීමේදී ප්‍රයෝජනවත් වනවා සේම අජීර්ණ
ආදියෙන් වැළකීම එමෙන්ම ෆීනෝල් රසායනිකය අඩංගු වීම නිසා ලියුකේමියාව,
පුරස්ථි, ග්‍රන්ථි ආශ්රිත පිළිකා ආදියට එරෙහිව ක්‍රියා කරයි.
* රුධිර සංසරණ පද්ධතියට උපකාරී වේ.
* කොලෙස්ටෙරෝල් (ශරීරයේ අහිතකර මේද මට්ටම පාලනය LDL කොලෙස්ටෙරෝල් මට්ටම කරයි)
* දියවැඩියාව පාලනය කරයි.
* අධිබර පහත හෙළයි.
* කටහෙŒ තීව්‍රතාව පවත්වාගැනීමට උදව් කරයි.
* සමේ රෝග තුවාල ආදිය නැති කිරීමට උදව් කරයි.
* අකලට කෙස් සුදු වීම, හිසකෙස් වර්ධනයට ඉවහල් වේ.
* මානසික ආතතිය දුරලීමට උදව් කරයි.
* විෂ නැසීමේ ක්‍රියාව හොඳින් සිදුකරන නිසා සර්ප දෂ්ටයේදී කරපිංචා කැඳ වශයෙන් යොදාගනී.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks